ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා ව්‍යාපෘති සඳහා තොරතුරු විමසීමේ ඉල්ලුම්පත් (RFI) ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ජුනි 19 දක්වා බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් දීර්ඝ කර ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනය, අපනයන පර්යන්ත, ගබඩා පහසුකම් සහ අදාළ උපාංග නිෂ්පාදනය සඳහා දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබේ. ශ්‍රී ලංකාව තුළ හරිත හයිඩ්‍රජන් කර්මාන්තයක් දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින්, සුදුසුකම් ලත් ආයෝජකයින් සඳහා දිරිගැන්වීම්, යටිතල පහසුකම් සහ ආයෝජන මණ්ඩලය හරහා අවශ්‍ය නියාමන පහසුකම් ලබා දීමට නියමිතය.
















