මේ වන විට පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හමුවේ දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දී තිබේ.
මෙම දිනවල පවතින තද උණුසුම නිසා දරුවන් විජලන තත්ත්වයන්ට පත්වීමේ වැඩි අවදානමක් පවතින අතර, දිගු වේලාවක් අව් රශ්මියේ ක්‍රීඩා කිරීමෙන් ශරීරයට, හෘදය වස්තුවට සහ මොළයට පවා බරපතළ බලපෑම් ඇති විය හැකි බව වෛද්‍යවරයා අනතුරු අඟවයි. හිසරදය, වමනය, නිදිමත ගතිය සහ මුත්‍රා තද පැහැවීම වැනි විජලනයේ මූලික ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, දරුවන්ට ප්‍රමාණවත් පරිදි ජලය මෙන්ම තැඹිලි වතුර, ජීවනී, පලතුරු යුෂ, කැඳ සහ සුප් වර්ග වැනි ස්වභාවික දියර වර්ග ලබා දෙන ලෙසත් උපදෙස් දී ඇත. හිරු මුදුන් වන වේලාවන්හිදී එළිමහනේ ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙසත්, සරල කපු ඇඳුම් හා හිස් වැසුම් භාවිත කරන ලෙසත් දෙමාපියන්ට දැන්වී තිබේ.
















