කැනඩාවෙන් ආනයනය කරනු ලබන සියලුම මෝටර් රථ, ලොරි රථ, රථවාහන අමතර කොටස් සහ වානේ සඳහා සියයට 50ක අධික තීරුබද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති ද්විපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡා බිඳවැටීමත් සමඟ ගෙන ඇති මෙම තීරණය 2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. කෙසේ වෙතත්, අදාළ භාණ්ඩ අමෙරිකාව තුළම නිෂ්පාදනය කරන්නේ නම් කිසිදු තීරුබද්දක් අය නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇති අතර, වෙළෙඳ කටයුතුවලදී කැනඩාව අසාධාරණ ලෙස කටයුතු කරන බවට ද චෝදනා කර ඇත.














