ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ කාන්තා හොකී තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම ඊයේ (අප්‍රේල් 19) ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබේ.
මෙම තරගාවලිය අප්‍රේල් 23 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහි “B” කාණ්ඩය යටතේ තරග වදින අතර එම කාණ්ඩයට ඇතුළත් අනෙකුත් රටවල් වන්නේ සිංගප්පූරුව, කසකස්තානය සහ සත්කාරක ඉන්දුනීසියාවයි.














