කෙන්යාවේ පිහිටි රෙවිටල් හෙල්ත්කෙයාර් (EPZ) ලිමිටඩ් වෙතින් ඇනවුම් කරන ලද සිරින්ජ මිලියන 2 ක මුල් තොගය ලංකාවට එවීමට කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් කටයුතු සලසන ලදී.
ඒ මෙරට ක්‍රියාත්මක එන්නත් කිරීමේ ව්‍යාපාරයට සහයෝගය දක්වමිනි.
රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම මිලි ලීටර් 0.5 පිරිවිතරයන් සහිත ස්වයංක්‍රීයව නිෂ්ක්‍රය වන (AD) සිරින්ජ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති හා කොන්දේසිවලට අනුකූල උසස් තත්ත්වයේ ඒවා ලෙස සැලකේ.
කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙයි කනනාදන් මහතා මෙම සිරින්ජ 800,000 ක පළමු තොගය භාරගෙන, අද (13) දින ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් එය ශ්‍රී ලංකාවට එවීම සඳහා පහසුකම් සැලසීය.
කෙන්යාවේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නියෝජිත රුවන් ප්‍රනාන්දු මහතා සහ ව්‍යාපාරික ඉර්ෆාන් මොහොමඩ් මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන එන්නත් කිරීමේ වැඩසටහනට සහාය වීම සඳහා කෙන්යාවේ නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 ආශ්රිත අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාවට එවන ලද පළමු අවස්ථාව මෙයවේ.
Sri Lanka High Commission in Kenya facilitates despatch of Syringes to Sri Lanka
In support of the ongoing vigorous vaccination campaign against COVID-19 undertaken in Sri Lanka under the leadership of President Gotabaya Rajapaksa, the Sri Lanka High Commission in Kenya arranged a consignment of an initial order of 2 million syringes from a WHO prequalified company namely, Revital Healthcare(EPZ) Ltd in Kenya to be sent to Sri Lanka. The AD syringes of 0.5ml specification manufactured by the Revital Healthcare (EPZ) Ltd are considered to be of high quality that complies with WHO standards and conditions.
The High Commissioner of Sri Lanka to Kenya Veluppillai Kananathan accepted the first consignment of 800,000 syringes and facilitated its despatch to Sri Lanka by Sri Lankan Airlines on 13 August, 2021. Representative of Sri Lankan Airlines in Kenya Ruwan Fernando and businessman Irfan Mohamed also were present at the event. During a brief ceremony held at the Nairobi Airport the CEO of the Revital Healthcare (EPZ) Ltd in Kenya Roneek Vora thanked High Commissioner Kananathan for expeditiously liaising with the authorities in Kenya for making the urgent despatch of syringes possible. The remaining syringes will be despatched next week.
This is the first time that a COVID-19 related essential item produced in Kenya is being sent to Sri Lanka to support the current inoculation drive in Sri Lanka.