1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත වර්තමාන හා අනාගත සෞඛ්‍ය අභියෝගවලට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා සමාලෝචන කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජාත්‍යන්තර හා දේශීය සංචලනය ඉහළ යාම නිසා බෝවන රෝග පැතිරීමේ අවදානම වැඩිවීමත්, පසුගිය වසංගත සමයන්හිදී ලබාගත් අත්දැකීම් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. 2016 වසරේදී ද මෙයට අදාළව කැබිනට් අනුමැතිය හිමිව තිබුණ ද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ අතර, නව කමිටුව මගින් දැනට සකස් කර ඇති කෙටුම්පත නැවත අධ්‍යයනය කර යෝග්‍ය සංශෝධන යෝජනා කිරීමට නියමිතය.














