රජය විසින් ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘති යටතේ හඳුනාගත් ගම්මාන 24ට අමතරව, තවත් ප්‍රතිලාභීන් සඳහා විවිධ ස්ථානවලින් රජයේ ඉඩම් ලබා දී ඇති බව අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි. එම නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 1.2ක උපරිමයකට යටත්ව ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එම මුදල් වාරික වශයෙන් ලබා දෙන්නේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සලකා බැලීමෙන් අනතුරුවය.
විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් සහිත පවුල් නැවත පදිංචි කිරීම සඳහා රජය සතු ඉඩම්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වන සංශෝධිත මාර්ගෝපදේශ 2025 වර්ෂයේ ජූලි සහ සැප්තැම්බර් මාසවලදී දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















