ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඉරාජ් චමින්ද පතිරාජ මහතා ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට ස්ථිර පදනමින් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඔහු මීට පෙර 2025 මැයි මස සිට එම තනතුරේ පූර්ණ කාලීනව වැඩ බැලීම සඳහා පත් කර තිබුණි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම ස්ථිර පත්වීම ලබා දී ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් කිරීම මෙම පත්වීමේ අරමුණයි.














