• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) හා INSEE සමාගම නව සහයෝගීතාවකට මුලපුරයි

7 September 2020
in ව්‍යාපාර

මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දේශීය ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කරන වාර්ෂික වැඩසටහන් සඳහා අවුරුදු තුනක කාලසීමාවක නිල ආයතනික අනුග්‍රාහකත්වය පිරිනැමීමට INSEE සමාගම පසුගියදා ගිවිසුම් ගතවුණි.

ඒ අනුව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු සහ INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති යාන් කුනික් (විකුණුම්, අලෙවි සහ නවෝත්පාදන) යන මහත්වරු 2020 ජුලි 29 වැනිදා මීට අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

මේ සමඟ ඉදිරි වසර තුනක කාලය තුළදී SLIM සංවිධානය කරන ජනතා සම්මාන (People’s Awards), සන්නාම විශිෂ්ටතා සම්මාන (Brand Excellence Awards), ඩිජිටල් සම්මාන (Digi awards) හා ජාතික විකුණුම් සම්මාන උළෙල (National Sales Congress-NASCO) යන අවස්ථා සියල්ලේදීම නිල ආයතනික අනුග්‍රාහකයා ලෙස INSEE සමාගම ක්‍රියාකරනු ඇත.

“ප්‍රධාන පාර්ශ්වකරුවන් සවිබල ගැන්වීම, නිපුණතා සංවර්ධනයට සහාය වීම, දැනුම සහ විශේෂඥතාව හුවමාරු කරගැනීම හරහා කුසලතා දියුණු කිරීම සඳහා මෙරට ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස INSEE සමාගම කටයුතු කර තිබෙනවා. ඒ හරහා ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ නව්‍ය පෙරළිය තුළ පෙරමුණ ගැනීමටත් INSEE සමාගමට හැකිවී තිබෙනවා. SLIM ආයතනය සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාව සමඟ ඉදිකිරීම් කර්මාන්තයේ නියමුවන්ට වසර ගණනාවක් මුළුල්ලේ තමන් විසින් අත්පත් කරගත් වටිනා දැනුම හා විශේෂඥතාව අනෙක් අය සමඟ බෙදාගැනීමට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම සන්නාම විශිෂ්ටතා සම්මාන, ජනතා සම්මාන, ඩිජිටල් සම්මාන හා ජාතික විකුණුම් සම්මාන උළෙල ආදී වැඩසටහන් හරහා තම වටිනා සේවාව වෙනුවෙන් ඇගැයීම් හිමිකරගැනීමටත් ඔවුන්ට හැකිවෙනවා” යනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති යාන් කුනික් (විකුණුම්, අලෙවි සහ නවෝත්පාදන) මහතා පැවසීය.

 

NGage Strategic Alliance

Post Views: 19
Previous Post

කිතුල් ගසක් වැටී දියනාමින් සිටි කාන්තාවක් මියයයි

Next Post

මරණ දඩුවම් ලැබු ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු යන්න අවසර ලැබෙයි

editor

editor

Next Post

මරණ දඩුවම් ලැබු ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු යන්න අවසර ලැබෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved