කොළඹදී පැවැති කිලෝමීටර් 161ක දැවැන්ත “ජාත්‍යන්තර සාම පා ගමන” (International Peace Walk) සාර්ථකව නිම කරමින්, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝ පැළයක් අතිපූජ්‍ය භික්ෂු පන්නාකර (Ven. Bhikku Pannakara – Sue Tue Nhan) හිමියන් වෙත පූජා කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ඊයේ (28) සිදු විය.
මෙම අධ්‍යාත්මික නායකයාණන් විසින් එම පූජනීය බෝ පැළය ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කරවීමට නියමිතය. ශ්‍රී ලංකාවෙන් ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන යාම අරමුණු කරගත් මෙම වැඩසටහන දේශීය හා විදේශීය බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත් අයුරින් නිමාවට පත් විය.















