බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම කුරුණෑගල, යාපනය, වවුනියාව සහ මුලතිව් දිස්ත්රික්කවලට බලපැවැත්වෙන පරිදි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ප්රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (18) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (19) අලුයම 1.00 දක්වා වලංගු වේ.
අදාළ ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින්, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.














