ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) ප්‍රධාන පෙළේ ආයෝජකයින් සහ ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගම් නියෝජිතයින් සමඟ වටමේස සාකච්ඡාවකට ඊයේ (16) නව දිල්ලියේදී සහභාගී වූ බව වාර්තා වේ. FICCI සභාපති ඩෙවින් නාරං මහතා සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පවතින ආයෝජන විභවයන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, රට තුළ පවතින ශක්තිමත් දේශපාලන ස්ථාවරත්වය සහ දූෂණයෙන් තොර විනිවිදභාවයෙන් යුත් සුරක්ෂිත ආයෝජන පරිසරය පිළිබඳව ආයෝජකයින් දැනුවත් කර තිබේ.
නව රජය විසින් ව්‍යාපාර ඇරඹීමේ ක්‍රියාවලිය වේගවත් කරමින් නිර්මාණය කර ඇති ආයෝජන හිතකාමී පසුබිම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි. නිලධාරිවාදී බාධාවලින් තොරව පහසුවෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට රජය සූදානම් බව මෙහිදී සහතික කෙරිණි. මෙම හමුව ශ්‍රී ලංකාවට නව ආයෝජන රැසක් ගෙන ඒමට සහ ආර්ථිකය නව මාවතකට යොමු කිරීමට ශක්තිමත් අඩිතාලමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














