27 April 2024
#සංවර්ධන

ගනුදෙනුවල වැඩි වාසිය ශ්‍රී ලංකාවටයි

රජයේ වාණිජ දේපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකා ඉරාන ද්වීපාර්ශවික වෙළෙඳ ගනුදෙනු වල වැඩිම වාසිය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහම්මද් ෂයිර්ල් අමිරාණි මහතා (Mr.Mohammed Zaerl Amirani) හමු වී කරන ලද ද්වීපාර්ශවික සාකච්ඡාවලදීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ 2016 දී දෙරටේ වෙළෙඳ ගණුදෙනු වටිනාකම ඩොලර් මිලියන 180 ක් වූ අතර, එය 2017 දී ඩොලර් මිලියන 188 ක් දක්වා සියයට 4.5% කින් වැඩි වූ බවත්, එයින් සියයට 94% ක්ම ශ්‍රී ලංකාවෙන් ඉරානයට සිදු කරන අපනයනයන් වන බවයි.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහම්මද් ෂයිර්ල් අමිරාණි මහතා මෙසේ කියා සිටියේය “පසුගිය දා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ප්‍රමුඛ දූත මණ්ඩලය ඉරානයේ කරන ලද සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඉරාන ද්වීපාර්ශවික ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සමුළුවට අප ආරාධනා කරනවා. මේ සංචාරය නිසා දෙරටට ඉතා යහපත් ප්‍රතිඵල ගෙන ඒමට පුළුවන් වුණා. ඒ සඳහා ඔබතුමාටද අප රටේ ස්තූතිය පිරිනමනවා. මේ සංචාරය ගැන අපේ ජනාධිපති හසාන් රහුමානි මහතාද සිටින්නේ සතුටින්. එතුමා ප්‍රකාශ කර සිටින්නේ මෙම දෙරටේ ද්වීපාර්ශවික ඒකාබද්ධ ආර්ථික කොමිසමේ කටයුතු දිගටම පවත්වාගෙන යන ලෙසයි. මේ මඟින් දෙරටේම වෙළෙඳ ගණුදෙනු ඉහළ මට්ටමක පවත්වාගෙන යා හැකි බවත් ඔහු පැවසුවා.” යැයි තානාපතිවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *