27 July 2024
#ක්‍රීඩා

මම උදයංගව ගෙන්වනවා

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව මෙරටට ගෙන්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

ඒ මහතා කියා සිටියේ මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු නොකරන අතර හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගව ගෙන්වීමට වඩා වෙහෙසන බවයි. වීරතුංගව තමා ගෙන්වා දෙන බව ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *