• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තාක්ෂණික නව්‍ය ව්‍යවසාය සංවර්ධනය අංශයේ පුහුණු ශ්‍රම බලකායට ශ්‍රී ලංකාව එක්වේ

15 June 2022
in දේශීය

ගෝලීය මට්ටමින් තාක්ෂණික නව්‍ය ව්‍යවසායක සංවර්ධන පරිසර පද්ධති (Startup Ecosystems) ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාව පුහුණු ශ්‍රම බලකායක් ඇති ප්‍රධාන රටවල් පහ අතරට එක්වී ආසියානු මට්ටමින් දෙවන රට බවට පත්ව ඇති බව අන්තර් ජාතික 2022 Global Startup Ecosystem Report (GSER) නවතම වාර්තාව අනාවරණය කරයි.

මෙම වාර්තාව ජුනි 14 දා ලන්ඩනයේ ඇරබුන London Tech Week උළෙලේදී එළිදැක්විණ.

GSER යනු 280 වැඩි තාක්ෂණ ව්‍යවසායක නවෝත්පාදන පරිසර පද්ධති සහ මිලියන 3ක් පමණවූ නවොත්පාදක ව්‍යාපාර ( Startup ) පිළිබද දත්තමත පදනම්ව විශ්ලේෂණය කරන ලෝකයේ වඩාත්ම ප්‍රචලිත, වූ පර්යේෂණ වාර්තාවයි. මෙම වාර්තාවට අනුව ලෝකයේ ප්‍රමුඛ පෙළේ පරිසර පද්ධති (Startup Ecosystem) 140 ශ්‍රේණිගත කර තිබේ. එමෙන්ම ඒ පිළිබද වූ ගෝලීය මට්ටමේ ප්‍රමුඛ විශේෂඥයින්ගෙ විශ්ලේෂණ ලිපි ඇතුළත්කර තිබේ . මෙම වාර්තාව සදහා (GSER 2022 ) ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය වර්ධනය පිළිබද තොරතුරු Startup Genome සමග එක්ව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සපයා ඇත.

Global Entrepreneurship Network (GEN), Deal room සහ Crunch base සමඟ හවුල්කාරිත්වයෙ න් GSER නිර්මාණය වී තිබේ . GSER 2022 වාර්තාව මගින් ඒ ඒ රටවල , රැකියා උත්පාදනයේ සහ ආර්ථික වර්ධනයේ ප්‍රමුක සාධකයක් වනආරම්භක තාක්ෂණික ප්‍රජාවන් ( startup communities ) පෝෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මෙහෙයුම්කරුවන්ට අවබෝධය සහ මාර්ගෝපදේශ සපයයි.

ඒ අනුව ශ්‍රමබලකායේ හැකියාව ඒ සදහා ඇති වෙළදපල අවස්ථා විශ්ලේෂණය අනුව ශ්‍රී ලංකාව ගෝලීය පරිසර පද්ධතිය ක්‍රියාවලියේ ඉහලම වර්ධනයක් අත්කරගත් රටවල් 5 අතරටත් ආසියාවේ දෙවන තැනටත් එක්ව සිටියි .

මුල් අදියරේ අරමුදල් සහ ආයෝජකයාගේ ක්‍රියාකාරකම් හරහා නවෝත්පාදනය මැනීමේ තක්සේරුව අනුව ආසියාවේ ඉහලම නැගී එන පරිසර පද්ධතිය ඇති රටවල් 25 අතරටත් දක්ෂතා හා පලපුරුද්ධද අතින් ආසියාවේ රටවල් 30 අතරත් එක්ව තිබේ .මෙම අංශයේ වර්ධනය සදහා බලපාන මුලික සාධක 11 ක් පාදක කර ගනිමින් GSER2022 වාර්තාව මෙම ඇගයුම් සිදුකරතිබේ .
එහිදී ඉහල කාර්ය සාධනයත් , දිගුකාලීන ප්‍රවණතා සහ පරිසර පද්ධතිය තුළ දක්ෂතා උත්පාදනය කිරීමට හා පවත්වාගන යාමට ඇති හැකියාව මැන බලයි.එමෙන්ම අරමුදල් යෙදවීම් මත පරිසර පද්ධතිවල විශාලත්වය,ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වය හා වටිනාකම විමසුමට ලක් කෙරේ. මේ අනුව 2019 ජූලි 01 සිට 2021 දෙසැම්බර් 31 දක්වා මෙරට මෙම නව ආරම්බභක පරිසර පද්ධති වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 228ක් බව වාර්තාකොට තිබේ. එහිදී කෘෂි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශය ඉහල දායකත්වයක් දක්වා ඇත.

සංචාරක ආයෝජන අංශයේ ඉහල පිළිගැනීමක් ඇති ඩිජිටල් නෝමැඩ් (Digital Nomad) ක්‍රියාත්මක රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනිව ඇත්තේ තායිලන්තයටයි. 2021 ජර්මනියේ Asia Berlin සමුළුවේදී “Nomad4LK ඩිජිටල් නොමෑඩ් තානාපති තරඟය පැවැත්විණි.මෙම ඇගයුම් ක්‍රියාවලියට යොමුවූ තවත් වැදගත අංශයක් වන්නේ පුරවැසි දත්තවල පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා වගවීම සහතික කිරීමයි. එ සදහා මෑතකදී සම්මත කරගත් පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ඉහළ පිළිගැනීමකට ලක්ව තිබේ. ඉහල අවධානයක් යොමුව ඇති මෙරට කෘෂි අංශයේ ඩිජිටල් පාධක වර්ධනය සදහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමග දියත්කර ඇති කෘෂි දත්ත කළමනාකරණ පද්ධති සහ ඩිජිටල් උපාය මාර්ග සංවර්ධනය සැලසුම් මෙම වාර්තාවේ ඇගයුමට ලක්වූ තවත් අංශයකි.පසුගිය වසරේ නොවැම්බරයේ පැවති Global Startup සම්මාන උළෙලේදී Hatch හට පිරිනැමුණු හොඳම වැඩ කිරීමේ අවකාශය (Best Co-working space) සදහා වූ සම්මානය ද මෙම අන්තර් ජාතික ඇගයුම සදහා පාදක කරගෙන තිබුණි.

“ශ්‍රී ලංකාවේ ආරම්භක සංවර්ධන උපාය මාර්ගය , ආරම්භක-හිතකාමී ප්‍රතිපත්ති,Startup Ecosystem ඇපකර නොමැති ණය මුල්‍යකරණය , නවීන තාක්‍ෂණ උද්‍යාන සංවර්ධනය කිරීම, වැනි අප මෑතකාලයේ ගත ක්‍රියාමාර්ග මෙම ජයග්ග්‍රහණයන්ට හේතුවූ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා පෙන්වාදෙයි. මෙහිදී Startup Genome හි පරිසර පද්ධති සංවර්ධන ප්‍රධානී Stephan Kuester මහතා අදහස් දක්වමින් කියාසිටියේ “ගෝලීය ආර්ථික පරිවර්තන විශේෂඥයින් සහ ප්‍රතිපත්ති උපදේශකයින් වශයෙන්, 2022 ගෝලීය ආරම්භක පරිසර පද්ධති වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ක්‍රියා කර ඇති ආකාරය ගැන අතිශයින් ආඩම්බර වන බවයි. ඔවුන්ගේ දේශීය නියෝජිතයන් සමග එක්ව , ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, කටයුතු කල ආකාරය මෙම සාර්ථකත්වය ට හේතුව බව ඔහු වැඩිදුරත් පෙන්වාදෙන ලදී .

සම්පූර්ණ වාර්තාව මෙතැනින් බලන්න: https://startupgenome.com/report/gser2022

Post Views: 13
Previous Post

සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීමට පියවර – ජනපති

Next Post

බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ සේනාවිධායක සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

editor

editor

Next Post

බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ සේනාවිධායක සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved