අද (11) කඩුවෙල අධිකරණ ශාලාවේදී පැවති ශ්‍රී ලංකා විනිසුරු සංගමයේ විශේෂ රැස්වීමේදී, ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ඒකමතිකව යෝජනාවක් සම්මත කර තිබේ.
මෙම හමුව විවිධ බාධක මධ්‍යයේ පැවැති අතර, ඊට සහභාගි වූ විනිසුරුවරුන් 65 දෙනාම විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කළහ.
මෙම රැස්වීම පැවැත්වුණේ විනිසුරු සංගමයේ උප සභාපති විනිසුරු චාමර වික්‍රමනායක සහ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. මේ අතර, මෙම සිදුවීමත් සමඟ විනිසුරු සංගමයේ සභාපති පසන් අමරසේන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බවද වාර්තා වේ.
















