කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, විශේෂයෙන් කුඩා මාර්ග භාවිත කරන ජනතාව සහ රියදුරන් පවතින තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම ගමනාගමනයේදී අතිශය සැලකිලිමත් වන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.















