සියලු රාජ්‍ය ආයතන තමන් විසින්ම ආදායම් උපයාගෙන, එම ලාභ බෙදාගැනීමේ ක්‍රමවේදයකට පිවිසිය යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.
ඒ සඳහා මිල්කෝ ආයතනය හොඳ නිදසුනක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
‘සරු බිමට – සරු සවිබල’ වැඩසටහන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වසර දෙකක ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
අදාළ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා වෘත්තීය සමිතිවල සහයෝගය ලබාගැනීමට විධිමත් සැලැස්මක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා ඉහළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.















