ලෝකයේ ප්‍රමුඛතම ස්වේච්ඡා සේවා ආයතනය වන සිංහ සමාජයේ, ශ්‍රී ලංකාව තුළ 2027 ජූනි මස 30 දක්වා සේවය කිරීම සඳහා නව පත්වීම් ලැබූ සිංහාධිපතිවරුන් 12 දෙනෙකු ඊයේ (9) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
හොංකොං නුවරදී පැවැති 108 වැනි ජාත්‍යන්තර සිංහ සම්මේලනයේදී මොවුන් සිය ධුරයන් සඳහා දිවුරුම් දීම සිදු කළ අතර, ලෝකයේ සෑම රටකම නියෝජිතයන් සහභාගි වූ මෙම සම්මේලනය පසුගිය ජූලි 3 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්විණි. ශ්‍රී ලංකාව සිංහ දිස්ත්‍රික්ක 12කට බෙදා ඇති අතර, එක් එක් දිස්ත්‍රික්කය සඳහා නව සිංහාධිපතිවරුන් මෙමඟින් පත් කර තිබේ.
















