ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල අද (26) සිට පහළ දමා තිබේ. ඒ අනුව ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කර රුපියල් 309ක්, සුදු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 4කින් අඩු කර රුපියල් 245ක් සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 2කින් අඩු කර රුපියල් 242ක් ලෙස නව මිල ගණන් නියම කර ඇත.
එමෙන්ම පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් අඩු කර රුපියල් 174ක් සහ රතු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියලකින් අඩු කර රුපියල් 173ක් ලෙස නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ. සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 5කින් අඩු කර රුපියල් 174ක් ලෙස නියම කර ඇත.
ලංකා සතොස ආයතනය සඳහන් කළේ දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් අද සිට මෙම අඩු කළ මිල ගණන් යටතේ අදාළ භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතින බවයි.
















