• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට විශාලතම බැටරි බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

විදුලිබල ක්ෂේත්‍රයට නව සවියක්

9 June 2026
in දේශීය, පුවත්
මෙරට විශාලතම බැටරි බලශක්ති  ගබඩා කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රටේ මෙතෙක් ක්‍රියාත්මක වන විශාලතම බැටරි බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. රට පුරා පිහිටි උපපොළවල් 16ක මෙම බැටරි බලශක්ති ගබඩා පද්ධති ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙය ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමටත්, පිරිසිදු හා සුරක්ෂිත බලශක්ති පද්ධතියක් ගොඩනැගීමටත් විශාල පිටුවහලක් වනු ඇත.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන විශේෂාංග කිහිපයක් පහත දැක්වේ.
සෑම බැටරි පද්ධතියක්ම දහවල් කාලයේදී මෙගාවොට් පැය 40ක විදුලි බලයක් ගබඩා කර ගැනීමටත්, සවස් කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන වේලාවන්හිදී ජාතික පද්ධතියට මෙගාවොට් 10ක් දක්වා විදුලිය මුදා හැරීමටත් සැලසුම් කර ඇත. දහවල් කාලයේ නිපදවන සූර්ය සහ සුළං බලය සවස් කාලය සඳහා ඉතිරි කර ගැනීම මගින් පුනර්ජනනීය බලශක්තිය උපරිම ලෙස භාවිත කළ හැකි අතර, විදුලි ඉල්ලුම වැඩිම වේලාවන්හිදී ඛනිජ තෙල් හා ගල්අඟුරු වැනි සාම්ප්‍රදායික ඉන්ධන මත යැපීම අඩු කර ගැනීමට මෙය ඉඩ සලසයි.
වැඩපිළිවෙළ යටතේ උපපොළවල් 13ක නවීන “Grid-forming” බැටරි තාක්ෂණය භාවිතා කෙරේ. එමගින් විදුලි පද්ධතියේ සංඛ්‍යාතය සහ වෝල්ටීයතාවය ක්‍රියාකාරීව පාලනය කරමින්, සූර්ය සහ සුළං බලය වැඩි වශයෙන් ජාතික පද්ධතියට එකතු කිරීමේදී පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගත හැකිය. 2030 වසර වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තිය ලබාගැනීමේ ශ්‍රී ලංකාවේ ජාතික ඉලක්කය සපුරා ගැනීමට මෙය සෘජු දායකත්වයක් සපයයි.
2025 ජූලි මාසයේ පැවති ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියෙන් Windforce PLC සහ Vidullanka PLC සමාගම් මෙම ව්‍යාපෘතිය ජයග්‍රහණය කළ අතර, ඔවුන්ගේ තාක්ෂණික සැපයුම්කරු ලෙස Huawei සමාගම තෝරා ගැනිණි. දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ Huawei සමාගමේ ගෝලීය තාක්ෂණික දැනුම ඒකාබද්ධ කරමින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය, බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීමටත්, පාරිභෝගිකයන්ට විශ්වාසවන්ත හා සහනදායී මිලකට විදුලිය ලබා දීමටත් මහෝපකාරී වනු ඇත.
Post Views: 11
Previous Post

කැලිෆෝනියා මැතිවරණ පද්ධතියට එරෙහිව ට්‍රම්ප්ගෙන් ප්‍රහාර

Next Post

පාස්කු ප්‍රහාරය සිදුවන විට සලේ ලංකාවේ සිටියේ නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
පාස්කු ප්‍රහාරය සිදුවන විට  සලේ ලංකාවේ සිටියේ නැහැ

පාස්කු ප්‍රහාරය සිදුවන විට සලේ ලංකාවේ සිටියේ නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved