උතුරු පළාතේ අඩපණ වී ඇති මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීම සහ මත්ස්ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 270ක ව්යාපෘතියක් ක්රියාත්මක කර තිබේ.
මෙම ව්යාපෘතිය යටතේ වැව් හා ජලාශවල කුඩා මත්ස්යයන් ආරක්ෂා කිරීම සඳහා මත්ස්ය බාධක දැල් බෙදාදීමේ වැඩසටහනක් සමූපකාර සංවර්ධන නියෝජ්ය අමාත්ය උපාලි සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා වවුනියාව දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ව්යාපෘතියේ පළමු අදියර යටතේ රුපියල් මිලියන 17.5ක වියදමින් වවුනියාව සහ මන්නාරම දිස්ත්රික්කවල වැව් 12ක් සඳහා මත්ස්ය බාධක දැල් ලබාදී තිබේ. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික ප්රතිපත්තියට අනුව ක්රියාත්මක මෙම වැඩසටහන සඳහා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් මිලියන 270ක මුදලක් වෙන් කර ඇත.
මිරිදිය ධීවර කර්මාන්තය සඳහා අවශ්ය මත්ස්ය පැටවුන් වැව් හා ජලාශවලට මුදාහැරීමෙන් පසු වර්ෂා සමයේදී වාන් දැමීම හේතුවෙන් එම පැටවුන් ජලාශවලින් පිටතට ගසාගෙන යාමේ අවදානමක් පවතී. මත්ස්ය බාධක දැල් යෙදීමෙන් එම තත්ත්වය පාලනය කර මත්ස්ය සම්පත ආරක්ෂා කරගැනීමට හැකි වන බව සඳහන් වේ.
මෙමගින් ධීවර අස්වැන්න සහ ආදායම ඉහළ නැංවීමට මෙන්ම දේශීය ධීවර ප්රජාවට ස්ථාවර ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට අවශ්ය පසුබිම සැකසීමටද අපේක්ෂා කෙරේ.
මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීම සඳහා “ප්රජාශක්ති” වැඩසටහන සමඟ සම්බන්ධ කරගනිමින් තවත් ව්යාපෘති රැසක් ආරම්භ කර ඇති බව නියෝජ්ය අමාත්ය උපාලි සමරසිංහ මහතා සඳහන් කළේය. 2028 වසර වන විට මිරිදිය ධීවර ප්රජාව තාක්ෂණික වශයෙන් ශක්තිමත් කිරීමද රජයේ අරමුණක් බව ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.













