2026 ඔක්තෝබර් 27 වැනිදා උදෑසන වැල්ලම්පිටිය පොලිස් වසමේ මීතොටමුල්ල ප්රදේශයේදී සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 120ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු 40 හැවිරිදි මීතොටමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.













