ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රජා දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් ‘ප්‍රජා බලකරණය සඳහා වෙනසක්’ සන්නිවේදන මූලධර්මය මත පදනම් වූ ‘ප්‍රජා මූලික ඩෙංගු මර්දන හා පාලන නියමු වැඩසටහන’ බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, ඩෙංගු මර්දන වැඩසටහන් වඩාත් සාර්ථක කරගැනීම සඳහා මහජනතාවගේ හැසිරීම් රටාවේ (චර්යාත්මක) වෙනසක් ඇති කිරීම අරමුණු කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව, නුගේගොඩ සහ බොරලැස්ගමුව යන තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල ඩෙංගු අධි අවදානම් වසම් කේන්ද්‍ර කරගනිමින් මෙය ක්‍රියාත්මක වේ. මෙහිදී කොළ, කහ සහ රතු පැහැති ස්ටිකර් මඟින් නිවෙස්වල ඩෙංගු මදුරුවන් බෝවන සහ නොවන තත්ත්වයන් දැනුම් දෙන ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇති අතර, මෙම ව්‍යාපෘතියේ දත්ත සමාලෝචනය කරමින් ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ආධාර ඇතිව බස්නාහිර පළාත සහ දීපව්‍යාප්තව එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















