ඕමාන සුල්තාන් රාජ්‍යයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක මෙන්ම ඕමාන ක්‍රිකට් ආයතනයේ සභාපති පන්කාජ් කිම්ජි මහතා සහ ඕමාන වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
මෙම සංචාරය අතරතුර කිම්ජි මහතා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍යවරුන් වන වසන්ත සමරසිංහ, විජිත හේරත් සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව සමඟද විශේෂ හමුවීම් පවත්වා ඇති අතර, ද්විපාර්ශ්වික වෙළෙඳාම පුළුල් කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සහ වරාය, ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.














