ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ වැඩ කරමින් සිටි වතුකම්කරුවන් අට දෙනෙකුට අද (21) එල්ල වූ බඹර ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ තේ වත්තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
මියගොස් ඇත්තේ ලිඳුල ඕල්ට්‍රීම් වතුයායේ ලෙන් තෝමස් කොටසේ පදිංචිව සිටි 77 හැවිරිදි තිදරු පියෙක්.
තුවාල ලැබූ සෙසු වතුකම්කරුවන් හත් දෙනා ලිඳුල ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇති බවද වාර්තා වනවා.
















