ලෝකයේ අංක එකේ ස්වේච්ඡා සේවා සංවිධානයක් වන සිංහ සමාජයේ (Lions Clubs International) ශ්‍රී ලංකා කලාපය තුළ ඉදිරි වර්ෂය සඳහා නව පත්වීම් ලැබූ සිංහාධිපතිවරුන් 12 දෙනකු ඊයේ උදෑසන දිවයිනට පැමිණි අතර, එහිදී කටුනායක ගුවන් තොටුපොළේදී ඔවුන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. හොංකොං නුවරදී පසුගියදා පැවැති 108 වැනි ජාත්‍යන්තර සිංහ සම්මේලනයේදී (108th Lions International Convention) මෙම නිලධාරීන් සිය ධුරයන්හි නිල වශයෙන් දිවුරුම් දීමෙන් පසුව මෙලෙස මෙරටට පැමිණ තිබේ. ලෝකයේ සෑම රටක්ම නියෝජනය වන පරිදි සිංහාධිපතිවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ සම්මේලනය පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාව තුළ වෙන් කර ඇති සිංහ දිස්ත්‍රික්ක 12 වෙනුවෙන් පත් වූ මෙම නව සිංහාධිපතිවරුන් එළඹෙන 2027 ජූනි මස 30 වැනිදා දක්වා සිය සේවා මෙහෙවර මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.















