ඇමෙරිකාවෙන් එල්ල වූ දැවැන්ත ගුවන් ප්‍රහාරමාලාවක් මධ්‍යයේ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ දේහයන් ඊයේ ඊසානදිග ඉරානයේ පිහිටි මෂ්හාද් නගරයේදී මිහිදන් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි. දින 6ක් පුරා පැවැති අවමංගල්‍ය උත්සවයේ අවසන් දිනය වූ ඊයේ, කමේනිගේ දේහය රැගත් ගුවන් යානය ඉරානයේ වඩාත්ම පූජනීය නගරය ලෙස සැලකෙන මෂ්හාද් නුවර වෙත සේන්දු වීමෙන් පසු ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවේ (IRGC) උත්තමාචාර මධ්‍යයේ මෙම අවසන් කටයුතු සිදු කර තිබේ. මෙම අවසන් කටයුතු සඳහා දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් පිරිසක් එක්රොක් වී සිටි අතර, අවමංගල්‍ය උත්සවයට එක්වූ බොහෝ දෙනෙක් ඉරාන ධජය ලෙළදෙමින් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සිය විරෝධය පළ කරන බැනර් මෙන්ම පුවරු ප්‍රදර්ශනය කරමින් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















