“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති මාලාවට අනුව යමින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ මෙවර පළාත් පාලන සතිය එළඹෙන සැප්තැම්බර් 14 වැනිදා සිට 19 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණු අතර, දිවයිනේ පළාත් පාලන ආයතන 341ම සහ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් එක්ව මෙවර වැඩසටහන් 4,000කට වැඩි ප්‍රමාණයක් මහජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අයුරින් ක්‍රියාවට නැංවීමට සියලු කටයුතු සූදානම් කර ඇත.













