දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හමුවේ මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ කිහිපයකම ජල මට්ටම 30%ටත් වඩා පහළ බැස ඇති බව එම අධිකාරියේ නවතම වාර්තා පෙන්වා දෙයි.
කණ්ඩලම සහ කළුගඟ යන ජලාශවල ජල මට්ටම 50% සීමාව දක්වා අඩු වී ඇති අතර, බෝවතැන්න (21%), මාදුරුඔය (26%), කලාවැව (29%), හුරුළුවැව (27%) සහ දියබාන වැව (15%) යන ජලාශවල ජල ධාරිතාව දැඩි ලෙස පහත බැස තිබේ. පවතින මෙම තත්ත්වය හමුවේ ඉදිරි දිනවලදී පානීය හා කෘෂිකාර්මික ජල සැපයුමට බලපෑම් එල්ල විය හැකි බවට ද අවධානය යොමු වී ඇත.














