රුසියාවට එරෙහිව පැනවීමට නියමිත දැවැන්ත සම්බාධක පනත (Sanctions Bill) ලබන මාසයේදී අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී (House of Representatives) සම්මත වනු ඇතැයි අමෙරිකානු ඩෙමොක්රටික් සෙනෙට් සභික රිචඩ් බ්ලූමෙන්තාල් (Richard Blumenthal) පවසයි.
කීව් (Kyiv) නුවරදී යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ස සඳහන් කළේ, මෙම පනත රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ යුද අරමුදල් අඩපණ කරන ප්‍රබල ප්‍රහාරයක් (“Sledgehammer”) වනු ඇති බවයි. රුසියානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සම්බාධක පැනවීම සහ රුසියානු තෙල් හා ගෑස් මිලදී ගන්නා චීනය සහ ඉන්දියාව වැනි රටවලට 100% දක්වා බදු පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලය පැවරීම මෙම පනතේ ප්‍රධාන අරමුණ වේ. මෙම පනත සම්මත කරගැනීම සඳහා අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන ලෙස බ්ලූමෙන්තාල් විසින් ජනාධිපති සෙලෙන්ස්කිගෙන් ඉල්ලා සිටි අතර, ඊට සෙලෙන්ස්කිගේ එකඟතාව හිමිවූ බවද වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














