අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (04) කොළඹදී පැවැත්විණි.
මෙහිදී දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තැබීමට දෙරටේ නායකයෝ පියවර ගත්හ. සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර සහ ආරක්ෂක යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම ගිවිසුම් අත්සන් තැබිණි.
මීට අමතරව දෙරටේ ජාතික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රජාවන්ගෙන් සිදුවන දායකත්වය පිළිබඳවද මෙහිදී නායකයන්ගේ විශේෂ අවධානය යොමු විය.














