2026 ආසියානු මාධ්‍ය සමුළුවට (Asia Media Summit 2026) සමගාමීව ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ මාලදිවයින් නියෝජිත ගීලා අලි (Geela Ali) මහත්මිය අතර මෙම හමුව පැවැත්විණි.
දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීම සහ ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. විශේෂයෙන්ම සෞඛ්‍ය ශ්‍රම බලකාය සඳහා වන සහයෝගය, වෛද්‍ය ආධුනික පුහුණු (Internship) අවස්ථා ලබාදීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාව ගොඩනැඟීම සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මෙම හමුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වර්ධනය වෙමින් පවතින සබඳතාවල තවත් එක් වැදගත් පියවරක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය සේවා සංවර්ධනය වෙනුවෙන් දෙරටම එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම කලාපීය සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීමට මහත් පිටුවහලක් වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.














