2026 ලෝක පරිසර දිනය නිමිත්තෙන්, අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ සීලවිමල දහම් පාසලේදී වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම විසින් විශේෂ පරිසර දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. “අද ගන්නා ක්‍රියාමාර්ග තුළින් ආරක්ෂිත, හරිත සහ තිරසාර හෙටක් ගොඩනඟමු” යන තේමාව යටතේ පැවැති මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ අනාගත පුරවැසියන් වන සිසු දරුවන් තුළ පරිසර සංරක්ෂණය, තිරසාර ප්ලාස්ටික් භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ වගකීමක් ඇති කිරීමයි.
මෙම වැඩසටහන හරහා තිරසාර ප්ලාස්ටික් භාවිතය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් කිරීම සහ බැහැර කිරීම පිළිබඳව දරුවන් දැනුවත් කිරීම, සිසුන්ගේ නිර්මාණශීලීත්වය දිරිගැන්වීම සඳහා පරිසරය මුල්කරගත් චිත්‍ර තරගයක් පැවැත්වීම සහ විහාරස්ථාන භූමියේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සිදු විය. තවද, විහාරස්ථාන පරිශ්‍රය තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙන් කිරීම සහ එකතු කිරීම සඳහා නව බඳුන් ස්ථාපනය කළ අතර, ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට දරුවන් සක්‍රීයව සම්බන්ධ කර ගැනීම සඳහා PET බෝතල් එකතු කිරීමේ තරගයක් ද හඳුන්වා දෙන ලදී.
මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ හඳුන්වා දීමට නියමිත ‘ව්‍යාප්ත නිෂ්පාදක වගකීම’ (Extended Producer Responsibility – EPR) සංකල්පයට අනුකූල වේ. මෙමගින් නිෂ්පාදකයින්ට තමන් වෙළඳපොළට නිකුත් කරන ඇසුරුම් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට වැඩි වගකීමක් පැවරේ.
වරුන් බෙවරේජස් ලංකා සමාගමේ නීති අනුකූලතා සහ තිරසාරභාවය පිළිබඳ ප්‍රධානී නීතිඥ එරේෂා කුඹුරුලන්ද මහත්මිය සඳහන් කළේ, PET ප්ලාස්ටික් යනු වගකීම් සහගතව කළමනාකරණය කළ යුතු වටිනා සම්පතක් බවයි. ‘Clean Green Sri Lanka’ වැනි වැඩසටහන් හරහා දහම් පාසල් සහ ප්‍රජා ආයතන සම්බන්ධ කර ගනිමින් රට පුරා ප්‍රතිචක්‍රීකරණ සංස්කෘතියක් ගොඩනැගීම සමාගමේ අරමුණ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
















