විපක්ෂ නායකවරයාට රජයෙන් තර්‌ජනයක් එල්ල වී ඇති බව පවසමින් ශ්‍ර්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ලිපියක් නිකුත් කිරීම අසාමාන්‍ය කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අදාළ කරුණ සජිත් ප්‍රේමදාස මහතාට පෞද්ගලිකව හෝ දේශපාලනිකව අදාළ වන්නක් වන බැවින් නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබල වන්නේ මන්දැයි ප්‍රශ්න කළේය. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය. රජය පාර්ශ්වයෙන් විපක්ෂ නායකවරයාට කිසිදු ආකාරයක තර්‌ජනයක් හෝ බලපෑමක් සිදු කර නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය එය බවද පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නීතියේ ආධිපත්‍යය සුරැකීමට රජය නිරන්තරයෙන්ම කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















