අත්අඩංගුවේ පසුවන සැකකරු සතු තොරතුරු ඇතුළත් උපකරණවල මුරපද (Password) ලබා දීම තුළින් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු වඩාත් වේගවත් කර ගැනීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සැකකරු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහු රෝහලේ රැඳී සිටින කාලය තුළ නීතියට අනුකූලව අවශ්‍ය උපරිම වෛද්‍ය සත්කාර සහ පහසුකම් ලබා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.















