අමාත්‍යාංශවල ප්‍රාග්ධන අයවැය යටතේ ප්‍රතිපාදන භාවිතය, ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මේ වසරේ අවසන් කිරීමට නියමිත ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර පසුගියදා (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම හමුවට සමගාමීව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්යසාධනය ඇගයීම සඳහා කාර්යසාධන ගිවිසුම් අත්සන් තැබීමද සිදු වූ අතර, වසරකට දෙවතාවක් මෙම කාර්යසාධනය ඇගයීමට මෙහිදී තීරණය කෙරිණි.
එම සාකච්ඡාවේ අනෙකුත් ප්‍රධාන කරුණු:
විදෙස් ආයෝජකයින් මුහුණ දෙන ගැටලු නිරාකරණය කරමින්, ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දීම.
අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අවධානය යොමු කිරීම.
මෙම හමුව සඳහා අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආර්ථික උපදේශකවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















