ලෝකයේ නැගී එන ආර්ථිකයන් රැසක් BRICS හවුල්කාර තත්ත්වය සාර්ථකව ලබා ගනිද්දී ශ්‍රී ලංකාවට එම අවස්ථාව මගහැරී යාම බරපතල රාජ්‍ය තාන්ත්‍රික පසුබෑමක් බව හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු වන කන කනනාතන් මහතා පෙන්වා දෙයි.
දේශපාලන මට්ටමින් ඉහළ උනන්දුවක් තිබුණද, රාජ්‍ය යාන්ත්‍රණයේ සහ නිලධාරීන්ගේ නිසි ක්‍රියාකාරීත්වයක් නොමැති වීම හේතුවෙන් මෙම අවස්ථාව අහිමි වූ බව පෙන්වා දෙන ඒ මහතා, ඉදිරියේදී හෝ BRICS සාමාජිකත්වය සහ නව සංවර්ධන බැංකුව (NDB) වෙත පිවිසීම සඳහා රජය වහාම විධිමත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගත යුතු බවට අවධාරණය කරයි.













