ජල සම්පාදන මණ්ඩලයට අයත් මීසාලේ ජල පිරිපහදු ආයතනයේ තිබූ රුපියල් ලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් විදුලි කේබල් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
චාවකච්චේරිය පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද පුළුල් විමර්ශනවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූවන් අතර එක් අයෙකු අදාළ ආයතනයේ පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙකු වන අතර, අනෙක් පුද්ගලයා සොරබඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 23 සහ 43 යන වයස්වල පසුවන නීර්වේලි සහ කොටගල යන ප්රදේශවල පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.













