නාවික හමුදා මැරීන් බළකායේ දසවන බඳවා ගැනීමේ බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් තිදෙනෙකු සහ නාවිකයින් තිස් තුන්දෙනෙකු වෙත ලාංඡන පැළඳවීම අද (29) සිදු කෙරිණි.
ත්‍රිකුණාමලය, සාම්පුර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී මෙම උත්සවය පැවැත්විණි. ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් රවිඳු හරිස්චන්ද්‍රගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ලාංඡන පැළඳවීම සිදු කෙරුණු බව නාවික හමුදාව නිවේදනය කළේය. මාස අටක් පුරා පැවැත්වූ අති දුෂ්කර වූ මැරීන් පුහුණුව සඳහා ස්වකැමැත්තෙන් අනුයුක්ත වූ නාවික හමුදා පුද්ගලයින් තිස් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කර ඇත.
















