දිවයිනේ පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිකුත් කළ නිවේදනයක සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.
එමෙන්ම ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1:00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.














