රටට සෙතක් උදාවීම සඳහා එදා විහාරමහා දේවිය මුහුදට බිලි කළාක් මෙන්, වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියවද කැලණියෙන් මහ මුහුදට භාර කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයේ කරුණු කිහිපයක් පහත පරිදි වේ:
වත්මන් පාලනය රටට සාපයක් වී ඇති බවත්, ජනතාව මුලාවේ දැමීම වහාම නතර කළ යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ සිට බිම් මට්ටම දක්වා මහා පරිමාණ හොරුන් පිරිසක් සිටින බවට ඔහු චෝදනා කළේය.
ලංකා ඉතිහාසයේ විහාරමහා දේවිය මුහුදට බිලි දීමට පියවර ගත් ආකාරයටම, වත්මන් ආණ්ඩුවෙන් රටට සිදුවන විපතෙන් රට මුදා ගැනීමට අග්‍රාමාත්‍යවරියව කැලණියෙන් මුහුදට භාර කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තවදුරටත් ජනතාව පීඩාවට පත් නොකර, රටේ ජනතාවට ජීවත් විය හැකි වටපිටාවක් සකස් කිරීමට කටයුතු කරන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.














