රටේ රෝහල් ගතවන රෝගීන් අතර හදිසි අනතුරු ප්‍රධාන සාධකයක් බවත්, ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 14 සහ 15 අතර පසුවන දරුවන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය මේ බව සඳහන් කළාය.
හදිසි අනතුරු සම්බන්ධයෙන් හෙළි වූ කරුණු කිහිපයක් පහත පරිදි වේ.
හදිසි අනතුරු හේතුවෙන් සිදුවන මරණ සහ ආබාධිත තත්ත්වයන් රටේ ආර්ථිකයට සහ දියුණුවට දැඩි අහිතකර බලපෑමක් එල්ල කරයි. මෙම වයස් කාණ්ඩයේ දරුවන් එලදායී වයස් සීමාවක පසුවන බැවින් ඔවුන් අනතුරුවලට ලක්වීම විශේෂ අවධානයට ලක්විය යුතුය.
සමස්ත රෝහල් ගතවීම් අතුරින් දසවන ස්ථානයට වැඩිම පිරිසක් රෝහල් ගතවන්නේ හදිසි අනතුරු හේතුවෙනි.
ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් 8%ක් හදිසි අනතුරු නිසා සිදුවන මරණ බව වාර්තා වේ.
රෝහල්වල ප්‍රධානතම රෝගී සාධකයක් ලෙස හදිසි අනතුරු හඳුනාගෙන ඇති බැවින්, මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා ජාතික මට්ටමින් වඩාත් ක්‍රියාශීලී අනතුරු නිවාරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය වෛද්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.














