TRAVEL AND TOUR WORLD (TTW) ආයතනය විසින් 2026 වසර වෙනුවෙන් සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව, ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ.
ආහාර සංස්කෘතිය, උරුමය, ප්‍රාදේශීය ආහාර විවිධත්වය, වීථි ආහාර සංස්කෘතිය, දේශීය අමුද්‍රව්‍ය භාවිතය සහ උසස් මට්ටමේ ආහාර පාන අත්දැකීම් වැනි නිර්ණායක පදනම් කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සකස් කර ඇත.
මෙම ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගත් රටවල් අතර පළමු ස්ථානය මෙක්සිකෝවටත්, දෙවැනි ස්ථානය ඉතාලියටත්, තෙවැනි ස්ථානය ස්පාඤ්ඤයටත් හිමි වී තිබේ.
ශ්‍රී ලංකාවේ ආහාර සංචාරක ගමනාන්ත ලෙස දේශීය අමුද්‍රව්‍ය යොදාගත් ආහාර සඳහා ඇල්ල ප්‍රදේශයත්, තේ ආශ්‍රිත ආහාර සඳහා නුවරඑළියත්, පැණි රස කෑම සහ විවිධ ආහාර අත්දැකීම් සඳහා මිරිස්ස, හික්කඩුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශත් විශේෂයෙන් කැපී පෙනෙන බව වාර්තා වේ.
















