උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය අධිකරණයේ අවශ්‍යතාව මතම පදනම්ව, ඉහළ විනිවිදභාවයකින් යුතුව සිදු විය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පෙන්වා දෙයි. යුක්තිය ඉටුවනවා පමණක් නොව එසේ සිදුවන බව ද පෙනී යා යුතු බව වාසුදේව නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.මෙම ක්‍රියාවලිය සඳහා ජනතා පරමාධිපත්‍ය දරා සිටින පාර්ලිමේන්තුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවශ්‍ය පරිදි සංශෝධනය කරගත යුතු අතර, ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් නිවැරදි බව නානායක්කාර මහතා අවධාරණය කරයි. ඉන් අනතුරුව එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් කෘතහස්ථ විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගනිමින් අධිකරණවල ගොඩගැසී තිබෙන නඩු කඩිනමින් විසඳීමට අවකාශය සැලසේ.මෙම සේවා කාලය දීර්ඝ කිරීම සියලුම අධිකරණ සේවා නිලධාරීන් සඳහා අදාළ විය යුතු බවත්, එය අදියර දෙකකින් ක්‍රියාත්මක කළ හැකි බවත් ඔහු පවසයි. අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතු දිරිගැන්වීම අරමුණු කරගනිමින් මෙය සිදු විය යුතු බවත්, අධිකරණය සහ ව්‍යවස්ථා සභාව මේ සම්බන්ධයෙන් දෙවරක් ප්‍රවේශම් විය යුතු බවත් වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
















