ශ්‍රී ලංකා බිලියඩ්ස් සහ ස්නූකර් සංගමය (BSASL) විසින් සංවිධානය කරනු ලබන 2026 ජාතික 6 රෙඩ් ස්නූකර් ශූරතාවලිය, අභාවප්‍රාප්ත අජ්වාඩ් හෂීම් අනුස්මරණ කුසලානය වෙනුවෙන් අගෝස්තු 8 වැනිදා ආරම්භ විය.
මෙවර ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය MALSHIP සමූහ ව්‍යාපාරය විසින් දරනු ලබයි. දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන මෙම තරගාවලියේ ආරම්භක අදියර ලෙස මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික් තරග අගෝස්තු 8 සහ 9 යන දිනවල පැවැත්වුණු අතර, කෑගල්ල, ගාල්ල සහ ගම්පහ දිස්ත්‍රික් තරග අගෝස්තු 15 සහ 16 දිනවල පැවැත්වීමට නියමිතය. එසේම, ඔක්තෝබර් 7 සිට 11 දක්වා ඉන්දියාවේ අහමදාබාද් නගරයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කියු ක්‍රීඩා ශූරතාවලියේ ජාතික තේරීම් තරග සඳහා ශ්‍රී ලංකීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සහභාගී වීම හේතුවෙන්, කොළඹ දිස්ත්‍රික් තරගාවලිය වෙනත් දිනයක පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කර ඇත.
පසුගිය වසරේ ශූරතාව දිනූ මුවර්ස් ක්‍රීඩා සමාජයේ අයි. එම්. තහා සහ අනුශූරතාව දිනූ කොළඹ YMCA හි එච්. ඒ. එම්. රිම්සාන් මෙවරත් තරග බිමට පිවිස සිටිති. මෙමඟින් මෙවර තරගාවලියේ තියුණු තරගකාරීත්වයක් අපේක්ෂා කෙරේ.














