මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් බලප්රදේශයට අයත් පාලමුනේ මුහුදු ප්රදේශයේදී ඊයේ (21) සවස සිදුකළ හදිසි වැටලීමකදී රුපියල් ලක්ෂ හයහමාරක් පමණ වටිනා නීතිවිරෝධී සුරුක්කු දැල් තොගයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ධීවර අමාත්යාංශය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති සුරුක්කු දැල් භාවිත කරමින් එම මුහුදු ප්රදේශයේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම සිදුකරන බවට නාවික හමුදාවට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී මීටර් 165ක් දිගැති නීතිවිරෝධී දැල් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා එය මඩකලපුව දිස්ත්රික් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී තිබේ.
අදාළ දැල් තොගය ඉදිරියේදී මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දිස්ත්රික් ධීවර දෙපාර්තමේන්තු නිලධාරීහු සඳහන් කළහ.














