පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) රාවල්පින්ඩි ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වන මෙම තරගය කණ්ඩායම් දෙකටම තරගාවලියේ ඉදිරියට යාම සඳහා වැදගත් වනු ඇත.
තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග දෙකම ජයගත් සත්කාරක පාකිස්ථාන කණ්ඩායම ඉදිරියෙන් පසුවන අතර, ශ්රී ලංකාව සහ එංගලන්තය එක් තරගය බැගින් පරාජයට පත්ව තිබේ.














