ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අද (16) පස්වරු 4.00 සිට හෙට (17) පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.
දෙවන මට්ටමේ ඇම්බර් අනතුරු ඇඟවීම් බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ සහ පස්සර, කෑගල්ල දිස්ත්රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල සහ අරණායක, මාතලේ දිස්ත්රික්කයේ රත්තොට, නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ, මතුරට, හඟුරන්කෙත සහ නිල්දණ්ඩහින්න මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ ඇලපාත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර තිබේ.
පළමු මට්ටමේ කහ අනතුරු ඇඟවීම් කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල සහ පාලින්දනුවර, මහනුවර දිස්ත්රික්කයේ තුම්පනේ, උඩපළාත, යටිනුවර, හතරලියැද්ද, උඩුනුවර, දෙල්තොට සහ පන්විල, කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොළ, රුවන්වැල්ල, රඹුක්කන, දෙහිඕවිට, යටියන්තොට සහ කෑගල්ල යන ප්රදේශ සඳහා නිකුත් කර ඇත.
එසේම කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්රික්කයේ අඹන්ගඟ කෝරළේ, මාතලේ සහ උකුවෙල මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ කළවාන, ඉඹුල්පේ, කුරුවිට, කොලොන්න, ආයගම, රත්නපුර, බලංගොඩ, ඇහැලියගොඩ, නිවිතිගල සහ වැලිගෙපොළ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස ද ඊට ඇතුළත් වේ.
අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්රදේශවල ජනතාව අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.
















