ශ්‍රී ලංකාවේ දේශීය අමුද්‍රව්‍ය සහ පර්යේෂණ භාවිත කරමින් නිපදවන ලද, අධි-වටිනාකමකින් යුත් බලශක්ති ගබඩා තාක්ෂණයන් (Energy Storage Technologies) 3ක් ජාතික නවෝත්පාදන ආයතනය (NIA) විසින් කොළඹ දී පැවැති “Dolphin Tech Pitch” තෙවන අදියරේදී එළිදක්වා තිබේ.
මෙම වැඩසටහනේදී ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය (Biomass waste) උසස් බලශක්ති අමුද්‍රව්‍ය බවට පත්කිරීම, ඊයම්-ඇසිඩ් (Lead-acid) බැටරිවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නැනෝ-තාක්ෂණය යොදාගැනීම සහ ශ්‍රී ලංකාවේ පිරිසිදු මිණිරන් (Vein Graphite) භාවිතයෙන් බැටරි නිපදවීම ආදී ව්‍යාපෘති සඳහා විද්‍යාඥයින් සහ දේශීය/විදේශීය ආයෝජකයින් අතර සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පර්යේෂණ රසායනාගාර සීමාවෙන් ඔබ්බට ගෙනගොස් වාණිජමය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.














